30.6 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීන අගනුවර වන මැනිලා නුවර භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 5.2 ක් ලෙස සටහන්ව තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට වේලාවෙන් අද (13) පෙරවරු 8:24ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

තත්පර 10 කට අඩු කාලයක් මෙම කම්පන තත්ත්වය දැනී ඇති බවයි එරට බලධාරින් ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් සිදුව ඇති ජීවිත හෝ දේපළ හානි පිළිබඳව තවමත් තොරතුරක් වාර්තා වී නැහැ. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ සිදුවිය හැකි හානිය සහ පසු කම්පන පිළිබඳව පළාත් පාලන ආයතන වෙත අනතුරු අඟවා ඇති බවයි.