26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසිවිල් වැසියන්ට ගාසා තීරයෙන් ඉවත් වීමට පැය 24ක් කල්දෙයි

සිවිල් වැසියන්ට ගාසා තීරයෙන් ඉවත් වීමට පැය 24ක් කල්දෙයි

පැය 24ක් ගතවීමට පෙර සියලුම සිවිල් වැසියන් ගාසා තීරයෙන් වහාම ඉවත් වන ලෙසට ඊශ්‍රායලය දැනුම්දී තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ඊශ්‍රායල හමුදාව අද පෙරවරුවේ දී මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි.

ගාසා නගරයේ සියලුම සිවිල් වැසියන්ට එනම් මිලියනයකට අධික ජනතාවකට පැය 24ක් ඇතුළත දකුණට යන ලෙසටයි ආරක්ෂක අංශ දැනුම්දී ඇත්තේ.

පලස්තීනයට ප්‍රහාර එල්ල කිරීමට පෙර ඊශ්‍රායලය විසින් ගොඩබිම් ආක්‍රමණයකට පෙර ගාසා තීරය තුළ යුද ටැංකි නතර කිරීම බැව් යුද තතු දත්තෝ විශ්වාස කරනවා.

ගාසා තීරයට පලස්තීන සටන්කාමීන්ගෙන් මාරාන්තික ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන විට ආරක්ෂක අමාත්‍ය Yoav Gallant පැවසුවේ “දැන් යුද්ධයට කාලය එළඹ ඇති බවයි.”

ඊශ්‍රායල හමුදාව පැවසුවේ ඉදිරි දිනවල දී ගාසා නගරයේ තම අණ සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වනු ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ විනාශකාරී මානුෂීය ප්‍රතිවිපාක නොමැතිව එවැනි ක්‍රියාවක් සිදු වීමට හැකි බව විශ්වාස නොකරන බවයි. එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තවත් විශාල ඛේදවාචකයක් වීමට පෙර එය වැළැක්වීමට පියවර ගැනීම වැදගත් වනු ඇති වගයි.