― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකාසියේ වාසිය ඉන්දියාවට

කාසියේ වාසිය ඉන්දියාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගය අද අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පකිස්ථානයට ලබා දීමටයි.

රෝහිත් ශර්මා, ශුබ්මන් ගිල්, විරාත් කෝලි, ශ්‍රේයස් අයියර්, ලෝකේෂ් රාහුල්, හර්දික් පාන්ඩ්යා, රවින්ද්‍ර ජඩේජා, ශාදුල් තාකුර්, ජස්ප්‍රිට් බුම්රා, කුල්දිප් යාදෙව් සහ මොහොමඩ් සිරාජ් අද ඉන්දීය කණ්ඩායමට එක්ව සිටිනවා.

පාකිස්ථාන කණ්ඩායමට බාබර් අසාම්, ඉමාමුල් හක්, අබ්දුල්ලා ශෆීක්, මොහොමඩ් රිස්වාන්, සවුදි ශකීල්, ඉෆ්තිකර් අහමඩ්, ශදාබ් ඛාන්, මොහොමඩ් නවාස්, හසන් අලි, ශහීන් ෂා අෆ්රිඩ් සහ හරිස් රවුෆ් එක්ව තිබෙනවා