28.1 C
Colombo
Thursday, June 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉටිපන්දම් දැල්ලෙන් ගිනි ඇවිලී කාන්තාවක් ජීවිතක්ෂයට

ඉටිපන්දම් දැල්ලෙන් ගිනි ඇවිලී කාන්තාවක් ජීවිතක්ෂයට

නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් කාන්තාවක් පිළිස්සී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උඩුගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79ක කාන්තාවකි. ඇය අසනීප තත්ත්වයෙන් එක්තැන්ව සිටින කාන්තාවක් බවයි පොලීසිය පැවසුවේ.

රාත්‍රී කාලයේ ඇය රැඳී සිටි කාමරයේ විදුලි පහන් නොමැති වීම හේතුවෙන් ප්ලාස්ටික් පුටුවක රඳවා ඉටි පන්දමක් දල්වා ඇති අතර එය ප්ලාස්ටික් පුටුව ගිනි ගෙන නිදා සිටි මෙට්ටය ඇවිලීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම ඉටිපන්දම් දැල්ල මෙට්ටටයට ඇවිලී එම ගින්න වර්ධනය වීමෙන් මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.