26.1 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජා ඇළ තරුණියක් අතුරුදන්

ජා ඇළ තරුණියක් අතුරුදන්

ජා ඇල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක් අතුරුදන්ව තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස අතුරුදන්වී ඇත්තේ ජා ඇළ, ඒකල, කොරලේලියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි කෝෂිලා රොෂෑන් නමැති තරුණියක් බවයි.

ඇගේ දෙමව්පියන් පවසන්නේ පසුගිය 08 වැනිදා පෙරවරු 7.30 ට පමණ පංතියකට සහභාගී වීම සඳහා ඇය නිවසින් පිටව ගිය බවත් මේ වනවිට දින 12ක් ගත වී ඇතත් ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවත්ය.

තරුණිය පසුගිය 08 වැනිදා පෙරවරුවේ නිවසින් පිටව යන ආකාරය නිවසේ සීසීටීවී කැමරාවේ පටිගත වී තිබේ.