26 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනොරෝච්චෝලේ රිය අනතුරකින් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

නොරෝච්චෝලේ රිය අනතුරකින් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

නොරෝච්චෝල නගරයේදී කුඩා ලොරි රථයක යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් පස් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කල්පිටිය පාලකුඩාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු පහක් වයසැති දරුවෙක් බවයි පොලීසිය පවසන්නේ.

අනතුරින් තුවාල ලැබූ එම දරුවාගේ පියා සහ මිතුරෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.