30.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් පදිකයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් පදිකයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඇඹිලිපිටිය – මොරකැටිය මාර්ගයේ ඉලුක්කැටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ අලුයම ඇඹ්ලිපිටිය සිට මොරකැටිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ පසෙකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තුන්දෙනෙකුගේ ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

එහිදී බරපතල තුවාල ලැබූ පදිකයින් තුන්දෙනා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ මොරකැටිය ප්‍රදේශයේම පදිංචි අවුරුදු 58 සහ 71 වයස්වල පසුවූ දෙදෙනෙක්.

මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන්ට භාරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඹිලිපිටිය පොලිසිය පරික්ෂණ සිදු කරනවා.