28.4 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා ඇරඹෙයි

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා ඇරඹෙයි

තුර්කියේ ප්‍රධාන ගුවන් සේවය වන Turkish Airlines ලබන 30 වනදා සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පැවසුවේ ඉස්තාන්බුල් සහ කොළඹ අතර සතිපතා ගුවන් ගමන් 4ක් ක්‍රියාත්මක කරන බවයි.

සෘජු ගුවන් ගමන් සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනකම ක්‍රියාත්මක කෙරෙනවා.