26.6 C
Colombo
Sunday, December 3, 2023

ඊශ්‍රායල හමුදා ගොඩබිම් ප්‍රහාර පුළුල් කිරීමත් සමග ගාසා හි දරුණු ගැටුම්

ඊශ්‍රායල හමුදා අද අලුයම ගාසා තීරයට ඇතුල් වීමත් සමගින් එහි මේ වනවිට දරුණු ගැටුම් හටගෙන ඇති බවට වාර්තා වනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි ඊශ්‍රායල හමුදා දැවැන්ත ගොඩබිමි ප්‍රහාර මාලාවක් ගාසා තීරයට එල්ල කරමින් සිටිනවා.

ප්‍රබල ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර දකුණු ගාසා තීරය වසා ගනිමින් එල්ල වන බවයි වාර්තා වන්නේ.

මීට අමතර ව ඊශ්‍රායල හමුදා යුද ටැංකි ආධාරයෙන් පලස්තීන ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීම කළ ද, එහි ජීවත් වන සිවිල් වැසියන් ව ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙසත් ඊශ්‍රායලයට සහ පලස්තීනයට ජාත්‍යන්තරයෙන් දැනුම්දී තිබෙනවා.

පලස්තීන සිවිල් වැසියන්ට ඉන්ධන, ආහාර සහ පිරිසිදු ජලය අවශ්‍ය ව ඇති ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් පුළුල් කරමින් පසුගිය දින කිහිපය තුළ සටන්කාමී ඉලක්ක 600කට වඩා පහර දුන් බවටයි ඊශ්‍රායල හමුදාව පැවසුවේ.

ගාසා නගරයට යටින් ඇති උමං මාර්ගවල සැඟවී සිටින හමාස් සටන්කාමීන් දුසිම් ගණනක් සමූල ඝාතනය කළ බව ද ඊශ්‍රායලය වැඩිදුරටත් පවසනවා.

Latest

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම...

සිනෝපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට...

Don't miss

පාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් – දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර...

රට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව...

රොෂාන්ව ඉවත් කිරීම ගැන මහින්ද කට අරියි

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරි ද වැරදි...

රට තියෙන්නේ අනාගතය ගැන නොහිතන නායකයෙකුගේ අතේ

අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන, නොහිතන නායකයෙකු අත...

ස්කොට්ලන්තයට දුන් යෝධ පැන්ඩාවන් නැවතත් චීනයට

වසර 12ක කාලයක් ස්කොට්ලන්තයේ Edinburgh සත්වෝද්‍යානයේ රැඳී සිටි යෝධ පැන්ඩාවන් වන ‍Yang Guang සහ Tian Tian දෙසැම්බර් මස මුලදී නැවත චීනයට යවන බවට තිරතුරු...

බෝම්බ බියකින් බැංගලෝරයේ පාසල් 13ක් කැලඹෙයි

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ බැංගලෝරයේ පාසල් 13ක ළමුන් අද (01) උදෑසන කාලයේ ඉවත් කරගෙන තිබෙනවා. අදාළ පාසල්වලට විද්‍යුත් තැපෑල ඔස්සේ යොමුකළ පණිවුඩයකින් මෙම බෝම්බ තර්ජන...

ඊශ්‍රායල – හමාස් ගැටුම් යළි ඇවිලෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර නැවතත් ගැටුම් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව පුරා දින 7ක් දෙරට අතර පැවති සටන් විරාමය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here