23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආධාර රැගත් ට්‍රක් රථ කිහිපයක් රෆා හරහා ගාසා තීරයට

ආධාර රැගත් ට්‍රක් රථ කිහිපයක් රෆා හරහා ගාසා තීරයට

ආධාර රැගත් ට්‍රක් රථ 30කට වැඩි ප්‍රමාණයක් ඊයේ (29) ගාසා තීරයට ඇතුළු වී තිබේ.

ඒ අනුව ජලය, ආහාර සහ වෛද්‍ය සැපයුම් රැගත් ට්‍රක් රථ 33 ක් ඊජිප්තුවේ රෆා දේශසීමා හරහා ගාසා තීරයට ඇතුළු වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) පැවසුවේ.

ඔක්තෝබර් 21 වැනිදා ගාසා තීරයට ආධාර බෙදා දීම නැවත ආරම්භ කළ අතර මේ වනවිට ආධාර රැගත් ට්‍රක් රථ 117ක් රෆා හරහා ගාසා තීරයට ඇතුළු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.