32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඊශ්‍රායල හමුදා ගොඩබිම් ප්‍රහාර පුළුල් කිරීමත් සමග ගාසා හි දරුණු ගැටුම්

ඊශ්‍රායල හමුදා ගොඩබිම් ප්‍රහාර පුළුල් කිරීමත් සමග ගාසා හි දරුණු ගැටුම්

ඊශ්‍රායල හමුදා අද අලුයම ගාසා තීරයට ඇතුල් වීමත් සමගින් එහි මේ වනවිට දරුණු ගැටුම් හටගෙන ඇති බවට වාර්තා වනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි ඊශ්‍රායල හමුදා දැවැන්ත ගොඩබිමි ප්‍රහාර මාලාවක් ගාසා තීරයට එල්ල කරමින් සිටිනවා.

ප්‍රබල ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර දකුණු ගාසා තීරය වසා ගනිමින් එල්ල වන බවයි වාර්තා වන්නේ.

මීට අමතර ව ඊශ්‍රායල හමුදා යුද ටැංකි ආධාරයෙන් පලස්තීන ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීම කළ ද, එහි ජීවත් වන සිවිල් වැසියන් ව ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙසත් ඊශ්‍රායලයට සහ පලස්තීනයට ජාත්‍යන්තරයෙන් දැනුම්දී තිබෙනවා.

පලස්තීන සිවිල් වැසියන්ට ඉන්ධන, ආහාර සහ පිරිසිදු ජලය අවශ්‍ය ව ඇති ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් පුළුල් කරමින් පසුගිය දින කිහිපය තුළ සටන්කාමී ඉලක්ක 600කට වඩා පහර දුන් බවටයි ඊශ්‍රායල හමුදාව පැවසුවේ.

ගාසා නගරයට යටින් ඇති උමං මාර්ගවල සැඟවී සිටින හමාස් සටන්කාමීන් දුසිම් ගණනක් සමූල ඝාතනය කළ බව ද ඊශ්‍රායලය වැඩිදුරටත් පවසනවා.