24.7 C
Colombo
Sunday, October 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදර්බාන ඇළ පාමුල තරුණයෙකුගේ මළ සිරුරක්

දර්බාන ඇළ පාමුල තරුණයෙකුගේ මළ සිරුරක්

රාගල පොලිස් වසමට අයත් හරස්පෙත ප්‍රදේශයේ අඩි දහසක් පමණ උස දර්බාන ඇළ කඳු පාමුල තිබී මියගිය තරුණයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

රාගල – හරස්පෙත ප්‍රදේශයේ පදිංචි මලින්ත ඩිල්ෂාන් නමැති 24 හැවිරිදි අයෙක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තරුණයා තම දෙමාපියන් සමග රණ්ඩු කර ඔවුන්ට පහර දී ඊයේ සවස සිය නිවසින් පිටත්ව ගොස් ඇත්තේ තමන් කොහේ හෝ ගොස් මැරෙන බවට පවසමින්.

පුතා නිවසට නොපැමිණි නිසා මවුපියන් රාගල පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

පොලිස් පැමිණිල්ලෙන් පසුව විමර්ශන ආරම්භ වූ අතර ඊයේ පස්වරුවේදී නිවැසියන්ට දූරකථන ඇමතුමක් ලැබී ඇත්තේ නාඳුනන මළසිරුරක් දර්බාන ඇළ කඳු පාමුල තිබෙන බවට ලැබුණු තොරතුරක් මතයි.

ඉන් අනතුරුව නිවැසියන් රාගල පොලිසියට එම දූරකථන ඇමතුම පිළිබඳ දැනුම්දීමක් සිදු කර තිබෙනවා. පසුව පොලිසිය දර්බාන ඇළ කඳු පාමුලට ගොස් තරුණයාගේ මළ සිරුර ගොඩගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මළසිරුර ගොඩගන්නා අවස්ථාවේ එම ස්ථානයේ සිටි තරුණයාගේ මව්පියන් එම සිරුර සිය පුතුගේ බවට හඳුනාගැනුණා.

මියගිය පුද්ගලයා සියදිවි නසා ගත්තේ ද නැතහොත් ඝාතනය කර ඇත් ද යන්න පිළිබඳ ව පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.