26.7 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිව්ස්ගේ අමුතු දැවීයාම රටම කලඹයි

මැතිව්ස්ගේ අමුතු දැවීයාම රටම කලඹයි

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය මේ වන විට දිල්ලි හිදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායාමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

මෙහිදී ශ්‍රී ලංකා ඉනිමේ මැදපෙළ පිත්කරු ඇන්ජෙලෝ මැතිව්ස්ගේ දැවීයාම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතා බහක් මතුව තිබෙනවා. මැතිව්ස් පන්දුවට පහරදීමට කඩුල්ලට පැමිණීමට පරක්කුවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයින් විනිසුරුවන්ට සිදුකළ පැමිණිල්ලක් මත ඔහු දැවීගිය ක්‍රීඩකයෙකු ලෙස නම්කරනු ලැබුවා.

ඒ අනුව මැතිව්ස්ට සිදු වුණේ කිසිඳු පන්දුවකට මුහුණ නොදී යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමටයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ මෙවැනි දැවීයාමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.