24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවවුනියාව රෝහලේ විදුලි සෝපානය අක්‍රීය වෙයි

වවුනියාව රෝහලේ විදුලි සෝපානය අක්‍රීය වෙයි

වවුනියාව මහ රෝහලේ විදුලි සෝපානය තුළ වෛද්‍යවරුන් ඇතුළු රෝගින් 11 දෙනෙකු සිර වී ඇති බව වාර්තා වෙයි.

ඊයේ (05) මෙම සිදුවීම සිදු වී ඇති අතර රෝහල් සේවකයන් පැවසුවේ ඔවුන් බේරා ගැනීම සඳහා විනාඩි 40ක පමණ කාලක් ගත වූ බවයි.

අප වාර්තාකරු පැවසුවේ මෙසේ වවුනියාව රෝහලේ විදුලි සෝපානය සිර වී ඇත්තේ මේ වසරේ ගත වූ දින කිහිපය තුළ 14 වතාවට බවයි.

ක්‍රියා විරහිත වන විදුලි සෝපානය හේතුවෙන් රෝහල් සේවකයින් හා රෝහල අසල යුද හමුදා කඳවුරේ හමුදා නිලධාරින්ගේ සහය ඇතිව අසාධ්‍ය රෝගීන් රෝද පුටුවල තබා කර මතින් ගෙන යාමට සිදු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.