30.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආහාර විෂ වී ඇඟළුම් සේවකයින් 30ක් රෝහලේ

ආහාර විෂ වී ඇඟළුම් සේවකයින් 30ක් රෝහලේ

ආහාර විෂවීමක් හේතුවෙන් මීගොඩ පරණ පාර ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 30 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

මීගොඩ පොලිසිය පැවසුවේ අද දහවල් ලබාගත් ආහාර විෂ වීම හේතුවෙන් ඔවුන් සියලුදෙනා හදිසියේම රෝහල් ගත කළ බවයි.

එම රෝගීන් අතුරින් 17 දෙනකු හෝමාගම මූලික රෝහලටත්. 13 දෙනකු පාදුක්ක දිසා රෝහලටත් ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ රෝහල්ගත කල රෝගීන්ට ක්ලාන්තය, හිස රුදාව සහ මුඛයෙහි ආසාදන තත්වයන් පවතින බවත් දහවල් ආහාර වේලෙහි තිබූ බල මාලු කැබැල්ලක් නිසාවෙන් මෙම තත්වය ඇති වන්නට ඇති බව සැක පල කරන බවයි.