― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeHot Newsහොරෙන් මැලේසියාවට පනින්න හැදූ විදේශිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

හොරෙන් මැලේසියාවට පනින්න හැදූ විදේශිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර භාවිතා කර මැලේසියාවට පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (06) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසිනුයි මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41, 37 සහ 19 යන වයස් වල පසුවන බංගලදේශ ජාතිකයන් තිදෙනෙකි. ඔවුන් පසුගිය 03 වැනිදා නේපාලයේ කත්මණ්ඩු නුවර සිට සංචාරක වීසා යටතේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මොවුන් අද පස්වරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පිටත්ව යාම සදහා ඉන්ඩිගෝ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් සිය ගුවන් සේවා නිශ්කාෂණ කටයුතු සඳහා ඉදිරිපත් කළ වීසා බලපත්‍ර ඇතුළු අනෙකුත් ලියකියවිලි පිළිබඳ සැක සිතූ ගුවන් සේවා නිලධාරීන්, මොවුන් තිදෙනා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබුණි.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී මෙම මැලේසියානු වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බව තහවුරු වී තිබේ.

වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මොවුන් තිදෙනා පළමුව ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත ගොස් එතැනින් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පළා යාමට සැළසුම් කර තිබූ බවයි.

ඒ අනුව ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මොවුන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.