27 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගංජා කිලෝ 47ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ගංජා කිලෝ 47ක් සමඟ අයෙක් අත්අඩංගුවට

කිලිනොච්චියේදී ගංජා කිලෝග්‍රෑම් 47ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලිනොච්චිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලද රහසිගත තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ඔහු කිලිනොච්චිය පොලිස් වසම පෞද්ගලික නිවසක සැඟවී සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව ඊයේ රාත්‍රියේ පොලිසිය සිදුකළ සෝදිසියකදී ගංජා කිලෝග්‍රෑම් 47ක් සොයා ගෙන ඇති අතර සැකපිට 44 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බැවින් සාක්ෂි සහ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් සිටින බව පොලිසිය පවසයි.