25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගොවීන්ට 17,000ක ඩීසල් නොමිලේ

ගොවීන්ට 17,000ක ඩීසල් නොමිලේ

‍පසුගිය යල කන්නයේදී වගා හානි සිදු වූ ගොවි ජනතාවට මහ කන්නයේ වගා කටයුතු සිදුකිරීම සඳහා රුපියල් 17,000ක ඩීසල් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

අදාළ සහනය ලබාදෙනු ලබන්නේ රජය විසින් පොහොර මිලදී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා වන්දි වශයෙන් හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂයක් බැඟින් ලබා දෙන වන්දි මුදලට අමතරවයි.

මෙම තීරණය ගෙන ඇත්තේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් වගා හානි සිදුවූ ගොවින්ට ලබා දිය යුතු සහන පිළිබඳ සාකච්ඡාවකදීය.

ඒ අනුව එක් ගොවියෙකුට ලීටර් 40ක් බැගින් ඉදිරි දින දෙක තුළ ඩීසල් ‌බෙදාහැරිමට නියමිතය.