27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීනයේ ව්‍යායාම ශාලාවක් කඩාවැටෙයි - තිදෙනෙක් ජීවිතක්ෂයට

චීනයේ ව්‍යායාම ශාලාවක් කඩාවැටෙයි – තිදෙනෙක් ජීවිතක්ෂයට

චීනයේ ඊසාන දිග Heilongjiang පළාතේ ව්‍යායාම ශාලාවක් කඩා වැටීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මාස කිහිපයක් තුළ සිදුවූ දෙවන අනතුර මෙය වන බවයි.

ඊයේ (06) රාත්‍රියේ මෙම සිදුවීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇති අතර එම අවස්ථාවේ ළමුන් ව්‍යායාම් ශාලාව තුළ සිටි බවටයි වාර්තා වී ඇත්තේ.

විපතට පත් වූවන්ගේ තොරතුරු තවමත් හෙළි කර නොමැති අතර දිවි ගලවා ගත් අය සොයා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

බලධාරීන් පැවසුවේ ඔවුන් ව්‍යායාම ශාලාව භාරව සිටි පුද්ගලයෙකු රඳවාගෙන ඇති අතර දෙවන මහල කඩා වැටීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි.