24.5 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට විශාලතම ශිලා ලේඛනය දිඹුලාගලින් හමුවෙයි

මෙරට විශාලතම ශිලා ලේඛනය දිඹුලාගලින් හමුවෙයි

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමු වී තිබේ.

මෙම අතිශය දුර්ලභ ශිලා ලේඛනය සොයාගෙන ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොළොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් විසිනුයි.

මෙම ශිලා ලේඛනය දිගින් අඩි 45ක් සහ උසින් අඩි 18ක් පමණ වන අතර මෙය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගත වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සහ සේවකයන් කණ්ඩායම දිඹුලාගල කඳු වැටියේ නවාතැන්ගෙන පසුගිය 26 වැනිදා සිට එම ශිලා ලේඛනය පිටපත් කිරීම් කටයුතු සිදු කිරීම ආරම්භ කර ඇති බවයි ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමි සඳහන් කළේ.