― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeHot Newsපාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක් ජීවිතක්ෂයට

පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක් ජීවිතක්ෂයට

ග්‍රෑන්ඩ්පාස් – වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල නල සවිකර තිබූ අඩි 6 ක් පමණ උසින් යුත් කොන්ක්‍රීට් කොටසක් පෙරළීමෙන් සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (15) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබු 6 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර එහිදී එක් දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටියේ පදිංචි ෂෙහන්සා නිත්සරණි නමැති 6 හැවිරිදි දැරියක්.

පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු 6ක් වයසැති පිරිමි ළමයි 4 දෙනෙකු සහ ගැහැණු ළමයින් දෙදෙනකු මෙලෙස තුවාල ලබා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ දරුවන්ගෙන් 5 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත සහ එක් අයෙකු ළමා රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.