27.2 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබාල එන්නත් කුප්පි ගෙන්වූ සමාගම් හිමිකරු යළි රිමාන්ඩ්

බාල එන්නත් කුප්පි ගෙන්වූ සමාගම් හිමිකරු යළි රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ගෙන්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මෙරට සමාගමේ හිමිකරු ලබන 29 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට අද (15) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය කර ඇත්තේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන්වූ බව කියන සමාගමේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 01 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.