28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅඹ කැඩීමට ගිය තරුණයා විදුලි සැර වැදී ජීවිතක්ෂයට

අඹ කැඩීමට ගිය තරුණයා විදුලි සැර වැදී ජීවිතක්ෂයට

යකඩ කෙක්කකින් අඹ කැඩීමට ගිය තරුණයෙක් විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදුලි සැර වැදීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා ඔහු හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිංගිරිය – පන්සල පෙදෙස පදිංචිව සිටි චතුර රශ්මික නැමැති 16 හැවිරිදි අයෙක්. මොහු ඊයේ (16) පස්වරුවේ බිංගිරිය රෝහල අසල ඇති අඹ ගසකින් අඹ කැඩීම සඳහා යකඩ කෙක්කක් ද රැගෙන එම ගසට නැඟ තිබෙනවා.

එහිදී මොහු අත තිබූ කෙක්ක ඒ ආසන්නයෙන් ඇද තිබූ අධි බලැති විදුලිය රැහැනක පැටලී ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේදී විදුලි සැර වැදී අනතුරට පත්වූ තරුණයා ප්‍රතිකාර සඳහා බිංගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල්ගත කළ ඔහුගේ තත්ත්වය බරපතළ වූ බැවින් හලාවත මහා රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම තැනැත්තා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහා රෝහලේදී පැවැත්වීමට නියමිතය.