28.4 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅතිශය දුර්ලභ කිඹුල් උපතක් ඇමරිකාවෙන්

අතිශය දුර්ලභ කිඹුල් උපතක් ඇමරිකාවෙන්

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ ප්‍රදේශයේ ගැටර්ලන්ඩ් වනජීවී උද්‍යානයේදී අතිශය දුර්ලභ කිඹුලියක් උපත ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 49cm (අඟල් 19.2) ප්‍රමාණයෙන් යුත් මෙම ගැහැණු උරගයා ලොව සිටින ලියුසිස්ටික් කිඹුලන් හත් දෙනාගෙන් එක් අයෙක් බවයි.

ලියුසිස්ටික් කිඹුලන් යනු අමෙරිකානු කිඹුලන්ගේ දුර්ලභ ජානමය වෙනස්වීමක් නිසා උපදින සත්ත්ව විශේෂයක් වන අතර ඔවුන් රෝස පැහැති ඇස් ඇති සහ වර්ණක සම්පූර්ණයෙන්ම නැති වී ඇති ඇල්බිනෝ කිඹුලන්ගෙන් ද වෙනස් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේනමුත් මෙම ලියුසිස්ටික් කිඹුලන් සුදු පැහැති හමකින් යුක්ත වුවද ඔවුන්ගේ ඇස් කළු පැහැයෙන් යුක්ත වේ.