කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පෞද්ගලික ආරවුලක් මත දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊයේ (11) රාත්‍රියේ මෙම ගැටුම හටගෙන ඇති අතර ඉන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් අයෙක් තුවාල ලබා ඇති බවත්ය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට පොලීසිය යොදවා තිබෙනවා.


