26.7 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලම්පිටියේ 'එළිසබෙත්' අයිස් සමඟ අල්ලයි

වැල්ලම්පිටියේ ‘එළිසබෙත්’ අයිස් සමඟ අල්ලයි

ඊයේ (11) වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකරනු ලැබූ වැටලීමකදී ‘එළිසබෙත්’ නම් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තව කිඹුලාඇල ගුණාගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන සැකකාරියක් බවයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (11) වැල්ලම්පිටිය පොලිස් වසමේ,‍ මීතොටමුල්ල පාර, වැල්ලම්පිටිය යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට මාර්ගයේදීයි මෙම වැටලීමක් සිදුකර ඇත්තේ.

එහිදී 48 හැවිරිදි මෙම එලිසබෙත් නම් කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සහ විද්‍යුත් තරාදියක් සමග අත්අඩංගුවට ගත් බවයි වැල්ලම්පිටිය පොලීසිය පැවසුවේ.