26.7 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිර්දේශ ක්‍රියාත්මක නොකළ හොත් යළිත් රටම අඳුරේ

නිර්දේශ ක්‍රියාත්මක නොකළ හොත් යළිත් රටම අඳුරේ

මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකළහොත් යළිත් වරක් රටම අඳුරු විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය අනතුරු අඟවා තිබෙනවා.

පසුගිය සෙනසුරාදා රාත්‍රීයේ දිවයින පුරා හදිසියේ විදුලිය බිඳ වැටුණු අතර විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියට අකුණක් වැදීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

කෙසේනමුත් විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතු බවට මහජන උපයෝගිතා කොමිසම මීට පෙර නිර්දේශ කර ඇති බවත් එහෙත් එම නිර්දේශ තවමත් ක්‍රියාත්මක කර නොමැති බවත් එම සංගමයේ සම ලේකම් නන්දන උදයකුමාර චෝදනා කරනවා.

මේ අතර ඉදිරියේදී විදුලිබිල අඩු කිරීම සහ විදුලි ගාස්තු සැකසීමේ නව ක්‍රමවේදයක් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් අද (12) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.