29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසලක තාප්පයක් කඩා වැටී ළමුන් දෙදෙනෙකුට තුවාල

පාසලක තාප්පයක් කඩා වැටී ළමුන් දෙදෙනෙකුට තුවාල

හලාවත – අඹකදවිල ශාන්ත රෝගුස් කනිටු විද්‍යාලයේ තාවකාලික තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

අද (12) දහවල් සිදු වූ මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ එම පාසලේ 11 වන ශ්‍රේණියේ සහ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක්.

තුවාල ලැබූ සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවෙක් ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

විද්‍යාලයේ ඉදිකර ඇති ගොඩනැගිලි අතර තිබෙන අවකාශයක් වසා දැමීම සඳහා තාවකාලිකව ඉදිකර තිබූ තාප්පයක් මෙලෙස කඩා වැටී ඇති බවයි අප වාර්තකරු සඳහන් කළේ.

එම තාප්පයට සවි කර ඇති ගේට්ටුවක් වසා දැමීමට උත්සාහ කිරීමේ දී එය මෙලෙස කඩා වැටී තිබෙනවා. රෝහල්ගත කළ සිසුවාග් තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.