― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsසක්විතිට ලක්ෂ 18ක දඩයක්

සක්විතිට ලක්ෂ 18ක දඩයක්

ප්‍රකට අමතර පන්ති ගුරුවරයෙකු වන ‘සක්විති රණසිංහ’ නැමැත්තාට සහ ඔහුගේ හිටපු බිරිඳ කුමාරි අනුරාධනී නැමැත්තියට කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂ 18 බැගින් දඩ නියම කර තිබෙනවා.

මූල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් සමාගමක් පවත්වාගෙන යෑම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන අධිචෝදනාවලට වරද පිළිගැනීම හේතුවෙනුයි ඔවුන්ට මෙලෙස දඩ නියම කර ඇත්තේ.

විනිසුරුවරයා නියෝග කර ඇත්තේ එම දඩය නොගෙවන්නේ නම් මාස 24 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳීමට සිදුවන බවයි.

2006 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනාවලට මොවුන් දෙදෙනා වරදකරු වී තිබේ.