29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහැමෝටම හොරු කිය කියා ප්‍රජාතන්ත්‍රවාදය මළගමට තල්ලු කරනවා

හැමෝටම හොරු කිය කියා ප්‍රජාතන්ත්‍රවාදය මළගමට තල්ලු කරනවා

අප සියලු දෙනාට හොරු කියමින් ප්‍රජාතන්ත්‍රවාදය මළගමට තල්ලු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (12) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ජනපති කර්මාන්ත ඇමති ලෙස සිටියදී බියගම කර්මාන්ත පුරය ඇති කළ බවත් දැන් එම වෙළෙඳ කලාප ක්‍රමය අවසන් වී ඇති අතර දැන් එතනින් එහාට යා යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එමෙන්ම නව තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුව ඇති බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ විද්‍යා තාක්ෂණ පැත්ත ගත්තත් ලංකාව ඉන්නේ පිටිපස්සෙන් බවත් අප අපටම දොස් කියා ගනිමින් ඉලක්ක සපුරා නොගනිමින් ඉන්නා බවත්ය.