2024 IPL තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ලබන 19 වැනිදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලබන ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුව IPL සංවිධායකයින් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයින් 333ක් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් 214ක් ඉන්දීය ක්‍රීඩකයින් වන අතර 119ක් විදෙස් ක්‍රීඩකයින් වනවා.
වෙන්දේසිය වෙනුවෙන් තෝරාගෙන ඇති විදෙස් ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අටදෙනෙක් ඇතුළත්.
ඩිල්ශාන් මදුශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, ළහිරු කුමාර, වනිඳු හසරංග එම ක්‍රීඩකයින් අටදෙනායි.
මේ අතර පසුගිය අවස්ථා දෙකේ දී IPL තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව උදා වූ භානුක රාජපක්ෂ මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් තෝරාගෙන නොතිබීමද විශේෂත්වයක්.
මෙම වෙන්දේසියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් සඳහා හිමිව ඇති වැඩිම මූලික මුදල වනිඳු හසරංගට හිමිව ඇති අතර එම මුදල ඉන්දීය රුපියල් කෝටි 1.5ක්.
මේ අතර මෙවර වෙන්දේසියේ දී වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංකට ද ඉහළ අගයක් හිමිවනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් සඳහන් කළේ.


