27.2 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාර්ගය අයිනේ බිළිඳු මළ සිරුරක්

මාර්ගය අයිනේ බිළිඳු මළ සිරුරක්

මහියංගනය-දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ තිබී බිළිඳෙකුගේ මළ සිරුරක් ඊයේ (13) පස්වරුවේ සොයාගත් බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පවසයි.

බස් නැවතුම්පොළ අසළ බිළිඳෙකුගේ මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට ගොස් මළ සිරුර පරික්ෂා කර තිබෙනවා.

මළ සිරුර අසළ තිබී කළු පැහැති කළු පැහැති ගමන් මල්ලක් ද  සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙම බිළිඳු සිරුර මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

පොලිසිය සැක කරන්නේ මෙම බිළිඳු සිරුර එක් දිනක් පමණක් වයසැති බිළිඳෙකුගේ වන්නට ඇති බවයි.