පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලලිත් ප්‍රනාන්දු සඳහන් කළේ පාසල් ආරම්භයේදී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ නව වැට් බදු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන ඇතුළු වාහන කොටස් මිල ද ඉහළ ගොස් ඇති බවත් මේ හේතුවෙන් අනිවාර්යයෙන්ම ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවත්ය.


