27.8 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩේවිඩ් වෝනර් එක්දින පිටියට සමුදෙයි

ඩේවිඩ් වෝනර් එක්දින පිටියට සමුදෙයි

ඩයිනමික් ඕස්ට්‍ර්ලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගන්නා බව ප්‍රකාශයට පත් කළා.

37 හැවිරිදී වියේ පසුවන වෝනර් මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 161කට ක්‍රීඩා කර ලකුණු 6,932ක් රැස්කරගෙන සිටිනවා. ඔහු ක්‍රීඩා කර ඇති ජාත්‍යනතර එක්දින ඉනිම් 159 තුළ ශතක 22ක් සහ අර්ධ ශතක 33ක් රැස්කරගෙන තිබෙනවා.

එළෙඹෙන බදාදා ඔහුගේ උපන් නගරය වන සිඩ්නිහි දී ඔහුගේ 112 වැනි සහ අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ද නියමිතයි.

කෙසේ වෙතත් ඔහු විස්සයි විස්ස තරග ආකෘතිය තුළ තව දුරටත් රැඳී සිටින බවයි පැවසුවේ.