27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශිරාන් බාසික්ගේ හෝටලය පොලීසියෙන් ඉවත් කරයි

ශිරාන් බාසික්ගේ හෝටලය පොලීසියෙන් ඉවත් කරයි

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ‘ශිරාන් බාසික්’ නැමැත්තාට අයත් දෙහිවල පොලිස් වසමේ පිහිටි හෝටලයක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට අද (01) කටයුතු කළා.

මෙම හෝටලය අනවසර ඉදිකිරීමක් බවට හදුනාගෙන වෙරළ සංරක්ෂණ නිළධාරීන් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේ දී එම හෝටලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සහ තවත් දෙදෙනෙකු රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.