26.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමන්නාරම් මුහුදේ කූඩැල්ලන් ඇල්ලූ 12ක් අත්අඩංගුවට

මන්නාරම් මුහුදේ කූඩැල්ලන් ඇල්ලූ 12ක් අත්අඩංගුවට

මන්නාරම, ඔලේතොඩුවායි මුහුදු තීරයේ නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනව.

නාවික හමුදාව පැවසුවේ මොවුන් කිමිදුම් උපකරණ යොදාගනිමින් නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිට ඇති බවයි.

නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී කිමිදුම් උපකරණ, නීතිවිරෝධී දැල් තොගයක් හා ඩිංගි යාත්‍රා හතරක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී නීතිවිරෝධී ආකාරයෙන් ඇල්ලූ මුහුදු කූඩෑල්ලන් කිලෝ 968 ක් හා හක්බෙල්ලන් 34 සැකකරුවන් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම සදහා සූදානම් කොට තිබියදී සොයාගත් බවයි නාවික හමුදාව පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 ත් 48 ත් අතරේ වයසේ පසුවන්නන් බවයි වාර්තා වන්නේ.