― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsකොළඹ රථවාහන වැරදි සොයන CCTV මෙහෙයුම් අද සිට

කොළඹ රථවාහන වැරදි සොයන CCTV මෙහෙයුම් අද සිට

කොළඹ නගරයේ රථවාහන වැරදි සිදුකරනු ලබන රියදුරන් CCTV දර්ශන උපයෝගී කර ගනිමින් හඳුනාගෙන, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අද (22) සිට ආරම්භ කරන බව පොලිසිය සඳහන් කරනවා.

ඒ අනුව කොළඹ නගර තුළ රථවාහන වැරදි සිදුකරනු ලබන රියදුරන් CCTV දර්ශන ඔස්සේ හඳුනාගෙන ඔවුන්ගේ නිවසටම දඩ පත්‍රිකාව ලැබෙන්නට සලස්වන බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම දුර බැහැර ප්‍රදේශයක සිට කොළඹ නගරයට පැමිණෙන රියදුරෙක් මාර්ග නීති උල්ලංඝනය කරමින් රථවාහන වැරදි සිදුකළ ඇත්නම් ඔවුන්ට අදාළ නීතිමය කටයුතු ඔහු පදිංචි ප්‍රදේශයේම පොලිසිය හරහා සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ක්‍රමවේදය යටතේ අද (22) දිනයේ සිට කොළඹට ඇතුළු වන වාහන CCTV කැමරා 108 කින් නිරීක්ෂණයට ලක් කෙරෙනවා. පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ අද (22) දිනයේ සිට ලබන 31 වනදා දක්වා මෙම නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව කොළඹ නගරයට ඇතුළුවන ස්ථාන 09ක දැනුම්වත් කිරීමේ පුවරු සවි කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.