― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot News58 හැවිරිදි සේවිකාවකට හදි කළ කළමනාකරු අල්ලයි

58 හැවිරිදි සේවිකාවකට හදි කළ කළමනාකරු අල්ලයි

උලපනේ උලපනාවත්ත, පල්ලේගම තේ කර්මාන්තශාලාවේ සේවිකාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ එහි කළමණාකාරවරයා ගම්පොළ ඇත්ගාල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැව්සුවේ 43 හැවිරිදි මෙම කළමනාකාරවරයා දෙදරු පියෙකු බවයි.

අලුයම රාජකාරී සඳහා කළමනාකරු ඇගේ නිවසේ සිට වෑන් රථයකින් රාත්‍රී දෙකයි තිහට රැගෙන එමින් සිටියදී වෑන් රථය පාළු ස්ථානයක නවතා ඇයට අතවර කිරීමට උත්සාහ දරා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ලිංගික හිංසනයට ලක්වූ 58 හැවිරිදි මෙම කාන්තාව රැය පහන් වනතුරු සිට උදෑසන මේ බව ඇත්ගාල පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර
ඒ අනුවයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුට ඇප නියම කර තිබෙනවා.

මීට අදාළ නඩු විභාගය මාර්තු 11 වැනිදාට කල් තබා තිබෙනවා.