― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsහරක් කටා සමඟ සබඳතා පැවැත්වූ අයෙක් අත්අඩංගුවට

හරක් කටා සමඟ සබඳතා පැවැත්වූ අයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකකෙරෙන තවත් පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව ඊයේ (22) මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි අයෙක් බවයි.

මොහු විසින් හරක් කටා සමග දුරකතනයෙන් සබදතා පවත්වා ඇති බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මීට පෙරද හරක් කටා සමඟ සබදතා පැවැත්වූ කාන්තාවක් ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.