― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsලක්ෂ 20ක ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

ලක්ෂ 20ක ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

මෝටර් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි අයෙක් අද (25) ඉලන්තඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නොරෝච්චෝල පොලිසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
ආණමඩුවේ ලීසිං සමාගමක ණය නිළධාරියෙකු ලෙස සේවය කළ අයෙකු බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි ආණමඩුවේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මෝටර් රථයේ රියදුරු අසුන හා අනෙක් ඉදිරිපස අසුන්වල කිසිවෙකුට සැක නොසිතෙන අයුරින් සූක්ෂමව සඟවාගෙන ප්‍රවාහනය කර තිබෙනවා.

මොහුගේ මෝටර් රථය තුළ තිබී ලක්ෂ 20 කට ආසන්න කේරළ ගංජා කිලෝ හයයි ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් හමු වී තිබෙනවා.