― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඅස්වැසුම ගෙවන විදියේ වෙනසක්

අස්වැසුම ගෙවන විදියේ වෙනසක්

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව දැනට ක්‍රියාත්මක කෙරෙන අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයට පහත සඳහන් සංශෝධන ඇතුළත් කර ඇත.

1.අස්වැසුම් සුදුසුකම්ලාභී සමාජ කාණ්ඩ අතරින් අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය අප්‍රේල් 1 වන දා සිට දෙසැම්බර් 31 වන දා දක්වා ත්, සංක්‍රාන්තික සමාජ කාණ්ඩ (ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආදායම් පහළ වැටී ඇති) සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය ජනවාරි 1 වන දා සිට දෙසැම්බර් 31 වන දා දක්වා දීර්ඝ කිරීම.

2.දැනට පවත්නා අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය හා සංක්‍රාන්තික සමාජ කාණ්ඩ (ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආදායම් පහළ වැටී ඇති) යන කාණ්ඩ දෙක ඒකාබද්ධ කර පවුල් ලක්ෂ 8ක් සඳහා අවදානමට ලක්වූ කාණ්ඩය ලෙස ජනවාරි 1 වන දා සිට සැලකීම සහ එම පවුල් සඳහා රුපියල් 5000ක දීමනාවක් ජනවාරි 1 වන දා සිට දෙසැම්බර් 31 දක්වා ගෙවීම.

3.තොරතුරු සහතික කිරීමේ ක්‍රියාවලියකින් පසුව අස්වැසුම පවුල් ලැයිස්තුවට අයත් හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගී පුද්ගලයන් සහ ආබාධිත පුද්ගලයන් සඳහා රුපියල් 7,500ක් හා වැඩිහිටි පුද්ගලයන් සඳහා රුපියල් 3,000ක් වශයෙන් අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මාසික දීමනාවක් ගෙවීම.

4.දැනට දීමනා ලබන සහ පොරොන්දු ලේඛනවල ලියාපදිංචිව සිටින හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගී පුද්ගලයන් සහ ආබාධිත පුද්ගලයන් සඳහා රුපියල් 7,500ක් වැඩිහිටි පුද්ගලයන් සඳහා රුපියල් 3,000ක් වශයෙන් ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කර මෙම ගෙවීම අස්වැසුම වැඩසටහනට බාහිර වශයෙන් දිස්ත්‍රික්ක ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදු කිරීම.

5.දෙවන වටය සඳහා අයැදුම්පත් කැඳවීම මේ වසරේ පළමු කාර්තුව තුළදී ආරම්භ කර ජූනි මාසය තුළදී අවසන් කර ජූලි මාසයේ සිට ගෙවීම් සිදු කිරීම සහ අතිරේකව සුදුසුකම් ලබන පවුල් ඇතුළත් කිරීම සඳහා උපරිම පවුල් මිලියන 2.4ක් වන ලෙස සුදුසුකම් ලබන මුළු පවුල් ගණන සංශෝධනය කිරීම.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.