27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තුවේ නව සැසිවාරය 07 වැනිදා

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය 07 වැනිදා

පාර්ලිමේන්තුවේ පස්වන සැසිවාරය ලබන 07 වැනිදා උදේ 10.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සවාකාරයෙන් විවෘත කෙරෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එදින පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය ලබන 08 සහ 09 උදෑසන 9.30 සිට සවස 5.30 දක්වා පැවැත්වීමට අද (01) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුව විවෘත කෙරෙන ලබන 07 වැනිදා එහි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.