― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකැතේ පැසිෆික් නැවත මෙරට ගුවන් ගමන් අරඹයි

කැතේ පැසිෆික් නැවත මෙරට ගුවන් ගමන් අරඹයි

කොවිඩ් වසංගත සමයේ සිට තාවකාලිකව සිය ගුවන් ගමන් මෙහෙයුම් අත්හිහිටුවා තිබූ කැතේ පැසිෆික් ගුවන් සේවාව යළිත් තම ගුවන් මෙහෙයුම් අරඹා තිබෙනවා.

ඒ අනුව ඊයේ (01) දිනයේදී නැවත ගුවන් ගමන් ඇරඹි ප්‍රථම මංගල ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

කැතේ පැසිෆික් ගුවන් සේවයේ සී.එක්ස් – 611 දරන ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (01) මධ්‍යම රාත්‍රී 11.35 ට ගුවන් මගීන් 253 දෙනෙකු රැගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

කැතේ පැසිෆික් ගුවන් සේවය මෙම මංගල ගුවන් ගමන සදහා එයාර් බස් 330 – 300 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.

සෑම සතියකම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල හොංකොං සිට කටුනායක දක්වා ඍජු ගුවන් ගමන් සේවා මෙතැන් සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.