25.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව රාජ්‍ය තාන්ත්‍රිකයින් සිව්දෙනෙක් අක්තපත්‍ර භාර දෙයි

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් සිව්දෙනෙක් අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව මහ කොමසාරිස්වරයෙකු සහ තානාපතිවරු තිදෙනෙක් ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දී තිබෙනවා.

එස්වාටිනි රාජධානිය සඳහා නව මහකොමසාරිස්වරයෙක් සහ රුමේනියාව, කිර්ගිස් ජනරජය සහ තුර්ක්මේනිස්ථානය සඳහා නව තානාපතිවරු මෙලෙස පත්ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ඒ අනුව මෙන්සි සයිෆෝ ද්ලමිනි මහතා – මහකොමසාරිස් – එස්වාටිනි රාජධානිය (Menzie Sipho Dlamini High Commissioner of the Kingdom of Eswatini), ස්ටෙලුටා ආහයර් මහත්මිය – තානාපති – රුමේනියාව (Steluta Arhire Ambassador of Romania), අස්කාර් බෙෂිමෝව් මහතා – තානාපති – කිර්ගීස් ජනරජය(Askar Beshimov Ambassador of the Kyrgyz Republic), ශලාර් ගෙල්ඩිනසරොෆ් මහතා – තාතාපති – තුර්ක්මේනිස්ථානය (Shalar Geldynazarov Ambassador of Turkmenistan) මෙලෙස ජනාධිපතිවරයාට අක්තපත්‍ර භාර දී තිබෙනවා.