22.8 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාන්වලට අති විශේෂ ගැසට්ටුවක්

පාන්වලට අති විශේෂ ගැසට්ටුවක්

පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසිනුයි මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ අනුව පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර ඉඩදිය හැකි ඌනතාව ග්‍රෑම් 13.5ක්.

පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් විය යුතු අතර ඉඩදිය හැකි ඌනතාව ග්‍රෑම් 09ක් බවයි දක්වා ඇත්තේ.

මේ අතර විකිණීමට ප්‍රදර්ශනය කර ඇති පාන්වල බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් කළ යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.