25.6 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුර කුමාර ඉන්දියානු සංචාරයක

අනුර කුමාර ඉන්දියානු සංචාරයක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (05) ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුවයි ඔහු මෙම සංචාරයේ නිරත වන්නේ.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි. 284 දරණ ගුවන් යානයෙන් අද (05) අලුයම 04.41ට ඉන්දියාව බලා පිටත්ව ගිය බවයි.

ඔහු ඇතුළු සිව්දෙනෙක් මෙම නිල සංචාරය සඳහා අද (05) අලුයම නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම සංචාරය සදහා අනුර කුමාර දිසානායක සමඟ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන අය එක්ව සිටිනවා.