26.9 C
Colombo
Thursday, March 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentඇල්පිටියේ රිය අනතුරක් - 05ක් රෝහලට

ඇල්පිටියේ රිය අනතුරක් – 05ක් රෝහලට

ඇල්පිටිය මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ (04) පස්වරු පහට පමණ ඇල්පිටිය, බද්දේගම ප්‍රධාන මාර්ගයේ අම්පේගම ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදුව ඇති බවයි.

බද්දේගම පොලිසිය පැවසුවේ තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති බවයි.

ඇල්පිටිය දෙසට ගමන් ගත් ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අම්පේගම කනිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට නිවසකට කඩා වැදීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් ලොරි රථයට සහ නිවසට දැඩි හානි සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ 10 දෙනෙකු ගමන් කර තිබෙනවා.

ඉන් රියදුරු ඇතුලු 05 දෙනෙකු තුවාල ලබා බද්දේගම සහ බටපොල රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස තුවාල ලැබූවන් සියලු දෙනා වයස 18ත් 25 ත් අතර තරුණයින් වන අතර බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.