28.4 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැසිකිළි වළකට වැටුණු කත ජීවිතක්ෂයට

වැසිකිළි වළකට වැටුණු කත ජීවිතක්ෂයට

හෝමාගම ප්‍රදේශයේදී වැසිකිළි වලකට වැටීඉ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 68 හැවිරිදි පන්නිපිටිය පදිංචි කාන්තාවක් බවයි පොලීසිය පැවසුවේ.

අප වාර්තාකරු පැවසුවේ හෝමාගම ප්‍රදේශයේ අඩි 08ක් පමණ ගැඹුරු අනාරක්ෂිත වැසිකිළි වළකට වැටී කාන්තාව මියගොස් ඇති බවයි.

ඇය තමා දියණියගේ නිවසේ සිටි අවස්ථාවේදීයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

වැසිකිලි වලෙන් ගොඩගත් කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.