27.2 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentඅඹුසැමි යුවළට දිවි අහිමි වූ දඹුල්ලේ රිය අනතුර

අඹුසැමි යුවළට දිවි අහිමි වූ දඹුල්ලේ රිය අනතුර

දඹුල්ල, නව පාදෙණිය ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රියේ සිදු වූ යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නව පාදෙණිය ප්‍රදේශයේ මාර්ගයක් අසළ කතා කරමින් සිටි එකම පවුලේ මව, පියා, දියණිය හා ඔවුන්ගේ හිතවතෙකු අනතුරට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් මව සහ පියා මියගොස් ඇති අතර මාස 9ක් වයසැති ඔවුන්ගේ දියණිය බරපතල තත්වයෙන් දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඉන් අනතුරුව දැරිය පේරාදෙණිය රෝහලට මාරු කොට යවා තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ යතුරු පැදිකරු බීමතින් මාර්ගය අසළ සිටි පුද්ගලයන් දෙසට පැමිණ ගැටී ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

බීමතින් යතුරුපැදිය පැදවූ පුද්ගලයාද තුවාල ලබා දඹුල්ල මහ රෝහලට ඇතුලත් කොට තිබෙනවා.