29.5 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහැරී කුමරු චාල්ස් රජු බැලීමට ඒමේ සූදානමක්

හැරී කුමරු චාල්ස් රජු බැලීමට ඒමේ සූදානමක්

තුන්වන චාල්ස් රජුගේ පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් හැරී කුමරු චාල්ස් රජු හමුවීමට පැමිණෙන බව දන්වා තිබෙනවා.

එක්සත් ජනපදයේ ජීවත් වන හැරී කුමරු චාල්ස් රජු සමඟ කතා කර ඇති අත ඉදිරි දිනවල දී ඔහු බැලීමට පැමිණෙනු ඇතැයි එක්සත් රාජධානියේ නියෝජිතායතනය කුමරුට සමීප මූලාශ්‍රයක් උපුටා දක්වමින් සඳහන් කරනවා.

බකිංහැම් මාළිගය ඊයේ (05) නිවේදනය කළේ තුන්වන චාල්ස් රජු පිළිකා රෝගයකින් පෙළෙන බවත් ඊට අදාළ ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත්ය.

රජුගේ මෑතකාලීන රෝහල් ක්‍රියාවලියේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වූ රෝගී තත්ත්වයක් විනිශ්චය කිරීමේ දී වෛද්‍යවරු මෙම පිළිකා තත්ත්වය සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති බවයි ඔවුන් ඊයේ නිවේදනය කළේ.

කෙසේ වෙතත් රජුට වැළඳී ඇති පිළිකා වර්ගය හෝ එය කෙතරම් දුරට ව්‍යාප්ත වී ඇද්ද යන්න රජ මාළිගය තවමත් නිවේදනය කර නැහැ.